JustCrowd.net

Thursday, March 15, 2012

ෆ්‍රී ඇනටිවයිරස් ටිකක් ගැන...

          හැමෝටම සුභ දවසක්...! ඕන්න මම අද ඔයාලට ලෝක්යේ ප්‍රසිද්ධ ෆ්‍රී ඇන්ටිවයිරස් කීපයක් ගැන විස්තර ගෙනාවා...මේ ලිපිය ඔයාලට වැදගත් වෙනවා ආය ෂුවර්. මේ ලිපියෙන් ඔයාලට ගැළපෙනම ෆ්‍රී වයිරස්ගාඩ් එක තෝර ගන්න පුළුවන්.හරි ඉතින් වැඩියෙන් කියවන්න ඕනි නෑ.මෙන්න බඩු ටික...


ඇවාස්ට්(Avast)


ඇවාස්ට් තමා ලෝකයේ වැඩිම දෙනෙක් පාවිච්චි කරන ෆ්‍රී ඇන්ටිවයිරස් එක.මේකෙ තියන විශේෂත්වය තමා ඇවාස්ට් දාන කොම් එක එච්චර ස්ලෝ වෙන්නෙ නෑ.ඒ කියන්නෙ
පරණ කොම් එක්කට උනත් ඇවාස්ට් දාන්න පුළුවන් කියන එක.ඇවාස්ට් ඇන්ටිවයිරස් එක www.avast.com වෙබ් අඩවියෙන් නොමිලේ බාගන්න පුළුවන්...

ඇවීරා(Avira)

මේකත් සුපිරි බඩුවක් තමා.මෙකේ තියන වීශේෂත්වය තමා මේකෙන් ඊ-මේල් ස්කෑන් කරන්න පුළුවන් වීම.අනිත් ඇන්ටිවයිරස් වලත් මෙහෙම කරන්න පුලුවන් තමා ඒත් මේකේ තාක්ෂණය විශේෂයි.මේකෙන් අනාරක්ෂිත වෙබ් අඩවි බ්ලොක් කරනවා.ඉතින් ඇවීරා වයිරස්ගාඩ් එක www.avira.com/en/avira-free-antivirus මගින් නොමිලේ බාගන්න පුළුවන්.

ඒවීජී(AVG)


ඔයාලගෙ කොම් නිතරම ඉන්ටර්නෙට් වලට සම්බන්ධ වෙනවනම් මේ ඇන්ටිවයිරස් එක වඩාත් හොඳයි.මොකද ඔය සෝෂල් නෙට්වර්ක් වගේ දේවලින් එන නරක වැඩසටහන් වලින් බේරෙන්න මේ ඒවීජී ඇන්ටිවයිරස් එකෙන් පුළුවන්.මේක http://free.avg.com වෙබ් සයිට් එකෙන් ෆ්‍රී ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.

මයික්‍රොසොෆ්ට් සෙකියුරිටි එසෙන්ෂල්ස් (Microsoft Security Essentials)


මේ වයිරස්ගාඩ් එකනම් ඉතින් සුපිරිම තමා...මේක හඳුන්වලා දීලා තියෙන්නෙ මයීක්‍රොසොෆ්ට් එකෙන්.එහෙනම් ඉතින් ආය කියන්න ඕනි නෑ නේ.ඒ වගේම වින්ඩෝස් මෙහෙයුම් පද්ධති වලට දැනට ලෝකයේ තියන හොඳම වයිරස්ගාඩ් එකත් මේක තමා.මේක වැඩ කරනකොට ඉන්ටර්ෆේස් එක සරල උනත් වැඩ කරන වැඩ කිරිල්ල දන්නෙ ඉතින් වයිරස් අයියලම තමා.... ඉතින් මේ වයිරස්ගාඩ් එක ඔයාලට මෙතනින් බාගන්න පුළුවන්... http://windows.microsoft.com/en-US/windows/products/security-essentials

පැන්ඩා ක්ලවුඩ් (Panda Cloud) 


මේ වයිරස්ගාඩ් එක වැඩ කරන්නේ ක්ලවුඩ් ක්‍රමයටයි.මේ නිසා මේ වයිරස්ගාඩ් එක සම්පූර්ණයෙන්ම වාගේ වැඩ කරන්නේ ස්වයංක්‍රීයවයි.ඒ වගේම භාවිතා කරන්නාට පෙනෙන විදිහට අප්ඩේට් වෙයි.තව නරක වැඩසටහන් විතරක් නෙවේ මේකට නරක වැඩසටහන් තියන වෙබ් සයිට් පවා මේකට අහුවෙනවා.ඉතින් මේ වයිරස්ගාඩ් එක www.cloudantivirus.com/en/ මඟින් ඔයාලට නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්

එහෙනම් අදට මම යනව තවත් අලුත් ලිපියකින් හමුවෙමු.හැබැයි ඔයාල යන්න කලින් මේ ලිපිය ගැන අදහසක් දාල,මගේ බ්ලොගයට Like පාරකුත් දීලම යන්න.මගේ බ්ලොගයට Like දෙන්නෙ මෙහෙමයි.ඔයාලට පේනව ඇති මගේ බ්ලොගයේ දකුණු පැත්තෙ තියනව Facebook කියල කොටසක් ඒක උඩට මවුස් පොයින්ටරය ගෙනියන්න.එතකොට එතනින කොටසක් එළියට විවෘත වෙයි.ඒකෙ තියෙන Like බට්න් එකට ක්ලික් එකක් දෙන්න.දැන් වැඩේ හරි.මම එහෙනම් යනවා ඔබට ජය ශ්‍රී...














2 comments:

  1. මචං, අපි පාවිච්චි කරන්නෙ වින්ඩෝස් හොර කොපිනෙ. එතකොට මේ Microsoft security essential එක install කරල පාවිච්චි කරද්දි ඒක ප්‍රශ්නයක් වෙන්නෙ නැද්ද? Update කරද්දි එහෙම?

    ReplyDelete
  2. මාත් පාවිච්චි කරන්නේ MSE හොර කොපියක්. කිසි ගින්නක් නෑ

    ReplyDelete

ඔබගේ අදහස් මෙතන ලියලා යන්න.Word verification දමා නැත.