JustCrowd.net

Monday, October 29, 2012

අධි වේගයෙන් ටොරන්ට් බාමු ( අත්දුටුවයි, ප්‍රත්‍යක්ෂයි )

         මෙන්න අදත් ඔය ටොරන්ට් කියන සබ්ජෙක්ට් එකෙන් ලිපියක් ලියනවා. මීට කලින් මම ලියුව ටොරන්ට් කියන්නේ මොකක්ද කියල සහ ටොරන්ට් Download Speed එක වැඩි කරගන්න ක්‍රමයක් ගැන. මෙන්න අද මම කියන්න යන්නේ ඊට වඩා පට්ට ක්‍රමයක් ගැන. මේක වෙබ් සයිට් එකකින් දෙන පොඩි සේවාවක්. පොඩිමත් නෑ. අපි වගේ එවුන්ටනම් මාර විදිහට වටිනවා.


මේකෙන් කරන්නේ අපි එයාලට දෙන Torrent File එකට අදාල දෙය එයාලගෙ Cloud Server වලට අධි වේගයෙන් Download කරගෙන ඒක සාමාන්‍ය විදිහට බාගන්න පුළුවන් විදිහට අපිට දෙනවා. අපිට කරන්න තියෙන්නේ ඔය Internet Download manager වගේ Download manager එකකින් ආතල් එකේ බාගන්න එක.


සේවයේ නම කියන්නත් අමතක උනා. නම zbigz. ඇත්තටම මමත් මේක මුලදී විශ්වාස කරේ නෑ. ඒත් ඉතින් ටෙස්ට් කරන්නත් එක්ක බැලුව. අම්මේ සුප්පට වැඩ ඈ. මෙන්න එහෙනම් ලින්ක් එකත් එක්ක පොඩි විස්තරයකුත් පල්ලෙහ ඇති.

නම දැක්කහම ඇඩ්‍රස් එක හිතාගත්ත හැකිනේ... http://www.zbigz.com/

ඕකට ගියපුවහම ඔය පල්ලෙහ රූපෙ වගෙ මෙවුව එකක් එයි. ඒකෙ ඉතින් ඔය උඩින්ම තියෙන්නේ Torrent File එක Upload කරන්න බට්න් එකක්. අන්න ඒකෙන් ඔය අවශ්‍ය Torrent File එක Upload කරන්න.


කියන්න අමතක උනා. ඕකට දාන්න පුළුවන් 8GB ට වඩා පොඩි Torrent අයත් Torrent File විතරයි. ඊටත් වඩා ඕනි නම් Premium account එකක් ගන්න ඕනි. සල්ලි තියනවනම් පුළුවන්. මටනම් 8GB ඉඩ වැඩිත් එක්ක.

ඔන්න මම දාපු Torrent File එකට වින්ඩෝ එකේ අදාල රූපෙ තමා ඔය පල්ලෙහයින් පේන්නේ. Game of Thrones Season 1 බාගන්න දැම්මේ. Size එක 2GB. අර කලින් කියුව තැනට Upload කරල GO ක්ලික් කරාට පස්සේ විනාඩියක් ගියෙ නෑ මෙන්න ඔක්කොම ටික Direct බාගන්න දුන්න. උන්ගෙ Cloud Server වලට කොහෙන් ඔච්චර ඉක්මනට Download උනාද දන්නේ නෑ???


පිස්සු හැදේ.... බට්ටි මැරේ නේ.... දැන් නම් මම මේකෙන්ම තමා බාගන්නේ. සුප්ප ඈ. ලිපිය කොහොමද කියල අදහසක් ලියල. බ්ලොග් එකට කැමතිනම් ෆලොත් කරල. මේ ගැන යාළුවන්ට දැනගන්න Share පාරකුත් දාලම යන්න. 













19 comments:

  1. නියම වැදගත් ලිපියක්

    ReplyDelete
  2. ඔකෙන් එන උපරිම speed එක 150kBps

    ReplyDelete
  3. 8mbit ලයින් තියෙන අයට මෙවුව වැඩක් නෑ. අනික ඕක හරිම පරණයිනේ. torrific එක වැහුවට පස්සෙ ඒකෙන් ටොරන්ට් බාපු අය මේකට සෙට් උනා.

    ReplyDelete
  4. Site is somewhat good.. bud its taking too much time for caching. :/

    ReplyDelete
  5. good post. but better take care about ur writing style :)

    ReplyDelete
  6. Sanjaya සිතුවිලි - බොහොම ස්තූතියි යාළුවා

    unknown - ඔව් ඔය Free account එකක. Premium account එකේ Unlimited. ඒත් මටනම් ඔය ස්පීඩ් එක වැඩිත් එක්ක.

    සරා - කාට වැඩක් නැති උනත් මට වැඩක් තියන හින්ඳා මම දැම්ම. අනික හැමෝම ගාව 8MBps Connection නෑ නේ... වැඩක් තියන කට්ටිය ඕන තරම් ඉන්නව කියල මං දන්නව.

    Anonymous - No u r wrong dr. It isn't taking too much time for caching

    spider the DETECTIVE - බොහොම ස්තූතියි රහස් පරික්ෂකවරයාණෙනි.

    Anonymous - Hikz... Thx 4 advice.

    ReplyDelete
  7. කවුරු මොනවා කිව්වත් නියම ලිපියක්.... මම දැනුත් ෆිල්ම් 5 බානවා.... එල ආ..... බොහොම ස්තුතියි.....

    ReplyDelete
  8. මචන් එලම එල... මාතෘකාව පොඩ්ඩක් වෙනස් කොරහං බන් derect බාමු කියලා..සිරාවටම ඵට්ටේට වටිනා ලිපියක්...

    ReplyDelete
  9. මීට වඩා වැදගත් දෙයක් කරන්න උත්සාහ කරන්න. දැනුම බෙදන එකයි අනුන්ගෙ ලින්ක් බෙදන එකයි දෙකක්. පුලුවන්නම් නොමිලේ තමන්ගේම සර්වර් එකක ටොරන්ට් ෆයිල් කෑෂ් කරන හැටි ගැන ලියන්න. සීඩ් බොක්ස් ගැන කියල දෙන්න. සරල ගූගල් කිරීමකින් හොයාගන්න පුළුවන් දේවල් අද හදාපු දෙයක් වගේ දාල සිංහල බ්ලොග් අවකාශය ගූ ගොඩක් කරන්න එපා...

    ReplyDelete
  10. සරා... පොඩි උදව්වක් කරනවද..... තමන්ට වැඩක් නැත්තම් පාඩුවෙ ඉන්න.... උවමනාවක් තියෙන කෙනා මෙකෙන් ප්‍රයොජනයක් ගනියි.....

    ReplyDelete
  11. නියමයි යාළුවා.මටනමි ගොඩක් වටිනවා.පට ගාලා බාන්න පුළුවන්.ගොඩක් ස්තුතියි.

    ReplyDelete
  12. Anonymous - මරු මරු.

    සුදු මහත්තයා - ස්තූතියි සුදු මහත්තයා

    සරා - අනේ යකෝ උඹට පුළුවන්නම් ඒක කරහන්කො. උඹට කමෙන්ට් දැක්කහම තේරෙනවනෙ මේක හුඟක් කට්ටියට වැදගත් කියල

    Anonymous - අනිව බං

    ReplyDelete
  13. thanks mcn. අපිට මේවා download නොකර අපේ cloud එකකට upload karanda පුළුවන් සයිට් නැද්ද මචෝ..............

    ReplyDelete
  14. වැඩේ බොහොම පංකාදුයි.

    ස්තුතියි සහෝ

    ReplyDelete

ඔබගේ අදහස් මෙතන ලියලා යන්න.Word verification දමා නැත.