JustCrowd.net

Tuesday, October 9, 2012

ඈත්තටම මොකක්ද මේ Torrent කියන්නේ?

------------------------------------------------මෙය උපුටාගත් ලිපියකි.----------------------------------------------------

----------------------------------------------------------------------------------------------------------------------------------

           ඔන්න අද මම කතාකරන්න යන්නේ හැමෝම වගේ දන්නා දෙයක් ගැන. දන්නවා උනාට කමක් නෑ. කියවල ඉන්නකෝ. සමහරවිට නොදන්නා කරුණු තියෙන්නත් පුළුවන් නේ. "Torrent". සමහර අයට මේ වචනේ කිව්වත් තරහ යනවා. තවත් සමහර අය IT ගැන කතා කරද්දී කැමතිම වචනේ Torrent. තව කට්ටියකට torrent වල කිසිම විශේෂත්වයක් නෑ. ඇයි මේ එක එක කට්ටිය එක එක විදියට එකම දෙයක් දකින්නේ? ඒක torrent වල තියෙන විශේෂ ලක්ෂණයක්ද? අපෝ නෑ. ඒක මේ ලෝකේ හැටිනේ. මිනිස්සු ලෝකේ දකින්නේ තම තමන්ට කැමති විදියට. ඒකෙත් වැරද්දක් නෑ. ඒත් සමහර අය ඉන්නවා එයාල ලෝකේ දකින්නේ වෙන කට්ටියට ඕනේ විදියට. Torrent වලට අකමැති අයගෙන් ගොඩ දෙනෙක් එහෙමයි. හරියට දැනගන්නේ නැතුව අනුන් අකමැති නිසා තමනුත් අකමැති වෙනවා. ඔන්න දැන් මීට පස්සේ එහෙම වෙන්න ඕනේ නෑ. හරියට දැනගන්නකො torrent ගැන.



         Torrent කියන්නේ file sharing ක්‍රමයක්. ලෝකේ බොහෝ දෙනාගේ පිළිගැනීමේ හැටියට torrent ක්‍රමය තමයි දැනට තියෙන හොදම file sharing ක්‍රමය. File sharing කිව්වේ තමන් ළඟ තියෙන දෙයක් පින්තුරයක්, සින්දුවක්, චිත්‍රපටියක් වගේ ඕනෑම දෙයක් අන්තරජාලය හෝ වෙනත් එවන් මාර්ගයකින් ලෝකේ පුරා ඉන්න කට්ටියට ලබාගන්න සැලැස්වීමයි. Torrent ඇරෙන්න තියෙන අනිත් ක්‍රම ගත්තොත් e-mail, direct up/download වගේ ඒවා කියන්න පුළුවන්. නමුත් torrent ක්‍රමය අනිත් ඒවාට වඩා ටිකක් වෙනස්. Torrent වලදී අනිවාර්යෙන්ම දෙදෙනෙක් හෝ වැඩි දෙනෙක් එකම අවස්ථාවේ සම්බන්ද විය යුතුයි. මොකද torrent වලදී file එකක් අපේ පරිගණකයට download වෙන්නේ ඒ වෙලාවේ ඒ file එක තියෙන කෙනෙක්ගේ පරිගණකයෙන්. Server එකකින් නෙමෙයි. (අපි එදිනෙදා සාමාන්‍යයෙන් පාවිච්චි කරන direct download ක්‍රමයේදී අපිට file එක ලැබෙන්නේ ඒ සඳහා වෙන් කරපු server ගනයේ පරිගණකයකින්)

      Torrent වලදී පාවිච්චි වෙන මේ ක්‍රමයට කියන්නේ p2p හෙවත් peer to peer ක්‍රමය කියලයි. සාමාන්‍ය පරිගණකයකින් තවත් සාමානය පරිගණකයකට දත්ත හුවමාරු කරගැනීම. නමුත් torrent කියන්නේ මේ p2p තාක්ෂනය යොදාගත්ත පලවෙනි ක්‍රමය නෙමෙයි. ඊට කලින් තවත් ක්‍රමයක් තිබුනා. නමුත් ඒ ක්‍රමයේදී බරපතල විදියට නීතිමය ගැටළු ඇති උනා, ඒ නිසාම p2p තාක්ෂනය මිනිස්සුන්ට එපා උනා. නමුත් p2p තාක්ෂනය යොදාගන්න තවත් ක්‍රමයක් බිහි උනා, ඒ තමයි torrent. Torrent නිර්මාණය කරපු අය නීති ප්‍රශ්න මග ඇරලා තමයි ඒක හදල තියෙන්නේ. ඒ නිසා torrent භාවිතයේදී නීති ගැන බය වෙන්න දෙයක් නෑ. (නමුත් SOPA, PIPA නීති සම්මත උනොත් මේක වෙනස් වෙන්න ඉඩ තියෙනවා)



        Torrent file එකක් කියන්නේ අපිට ඇත්තටම බාගන්න උවමනා file එක නෙමෙයි. සාමාන්‍යයෙන් ඉතාම පුංචි 50kb-900kb අතර වගේ වෙන torrent file එකක තියෙන්නේ අපිට උවමනා file එක ගැන විස්තර. ඒ කිව්වේ ඒ file එක තියෙන තැන් කියල සරලව අදහසක් ගන්න පුළුවන්. Torrent භාවිත කරන්න නම් අපි ළඟ තියෙන ඕනේ "Torrent Client" කියන පුංචි tool එකක්. ලෝකේ පලවෙනි torrent client එක තමයි Bittorrent කියන්නේ. මේ වෙනකොට නම් torrent client විශාල සංඛ්‍යාවක් තියෙනවා. නමුත් මේවා අතරින් වඩාත්ම ජනප්‍රිය client එක තමයි  µtorrent කියන්නේ.  µTorrent කියල ලිව්වට මේක කියවන්නේ මයික්‍රෝ ටොරන්ට් කියලයි. µ කියන්නේ ග්‍රීක අකුරක්, ඒක පාවිච්චි වෙන්නේ ඉතා කුඩා කියන අදහසින්. අපි මුලින්ම torrent site එකකින් torrent file එකක් download කරගන්න ඕනේ. ඊට පස්සේ ඒ torrent file එක client එක හරහා විවෘත කරගන්න ඕනේ. එතකොට client එක ලෝකේ පුරා ඉන්න torrent user ලව සම්බන්ද කරගන්නවා. මේ userලට අපි විශේෂ නමක් කියනවා. ඒ නම තමයි peer කියන්නේ. අපි අවශ්‍ය file එක, ඒ කිව්වේ film එකක්, soft එකක් වගේ file එක download කරලා ඉවර උනාම අපිටත් පුළුවන් ඒ file එක අවශ්‍ය කට්ටියට ලබාගන්න හැකිවෙන විදියට upload කරන්න. එතකොට අපිට කියන නම වෙනස් එකක්, එතකොට කියන්නේ seed කියලයි. ඇත්තටම torrent ක්‍රමය පවතින්නේ මේ upload කරන එක මත. ඒ නිසා torrent හැමදාම තියෙනවට  කැමති නම් මොකක් හරි බෑවට පස්සේ upload කරන්න අමතක කරන්න එපා. එහෙම upload නොකර ඉන්න කට්ටියට තවත් නමක් කියනවා, leech ඒ කිව්වේ කූඩැල්ලා කියලයි කියන්නේ.(සාධාරණයි නේ?)

Upload කරන්න මුකුත් කරදර වෙන්න ඕනේ නෑ. බෑවට පස්සේ client එ‍කෙන් exit නොවී හිටියම හරි, එතකොට ඉබේම upload වෙනවා. ඒ විතරක් නෙමේ, අපි download කරලා ඉවර වෙන්නත් කලින් ඉදන්ම දැනට අපි සතු කොටස් වලින් upload වීම සිදුවෙනවා. සමහර කෙනෙක්ට හිතෙන්න පුළුවන් upload කරත් නොකරත් වෙනසක් නෑ කියල. එහෙම හිතන්න එපා. ඇත්තටම වෙනසක් තියෙනවා. Client එ‍කේ බලන්න, share ratio කියල එකක් ඇති. අන්න ඒක මත තමයි අපි ඊළඟට බාන torrent එ‍කේ වේගය තීරණය වෙන්නේ. ඒ නිසා අමතක නොකර share ratio එක 1.00 පනිනකන් වත් upload කරන්න.


 ඊලගට කියන්නම් හොද torrent එකක් හොයාගන්නේ කොහොමද කියල. මුලින්ම මතක තියාගන්න virus, trojan වගේ විනාශකාරී දේවල් පැතිරෙන ප්‍රධාන ක්‍රමයක් තමයි torrent කියන්නේ. නමුත් පරිස්සම් වෙන්න දන්නවා නම් බය වෙන්න දෙයක් නෑ. Torrent file හොයාගන්න හොද විශ්වාසවන්ත site තියෙනවා. මම පහලින් සඳහන් කරන්නම්. ඒ වගේම තමයි torrent file search කරනකොට ගොඩාක් වැදගත් දෙයක් තමයි seed ප්‍රමාණය. Seed ල අඩු නම් torrent එක බාන්න දවස් ගානක් යයි. Seed ගාන වැඩි ටොරන්ට් එකක් තොර ගන්න. ඒ වගේම අදාල torrent එක යටතේ තියෙන comments කියවල බලන්න. ප්‍රතිචාර හොද නම් විතරක් බාන්න, නැත්නම් එපා.

Torrent බාද්දී speed එක මදි නම් කරන්න තව දෙයක් තියෙනවා. යන්න torrent එක හොයාගත්ත site එකට. ඒකෙ ඇති trackers list එකක්. ඒ list එක සම්පුර්ණයෙන්ම copy කරගන්න. Client එ‍කේ තියෙන torrent නම double click හෝ right click>properties යන්න. එතන ඇති trackers කියල එකක්. එතනට paste කරන්න trackers list එක. සමහරවිට site එ‍කෙන් හොයාගන්න බැරි වෙයි. එහෙම උනොත් google කරලා බලන්න. Google කරද්දී torrent එ‍කේ hash එක එක්කම search කරන්න. Hash එක හොයාගන්න අමාරු නෑ. Client එ‍කේ torrent file එක ගැන විස්තර තියෙන තැන ඇති. Right click කරලා copy කරගන්න. ඊට පස්සේ ඒකෙන් search කරන්න. කොහොමහරි tackers ටික ඇතුලත් කරාට පස්සේ torrent එක උඩ right click කරලා update trackers දෙන්න. තව දෙයක්, trackers ටික ඇතුල් කරනකොට හැම trackers ල දෙන්නෙක් අතරම එක පේලියක් ඉඩ තියන්න.

දැන් මං දෙන්නම් ප්‍රධානම client කිහිපයක් බාගන්න links. කැමති එකක් බාගන්න. මම නම් පාවිච්චි කරන්නේ µtorrent. ඔයාල කැමති එකක් බාගන්න.
  • µtorrent  (මගේ අදහසට අනුව හොදම එක)
  • Azureus (අමුත්තක් නෑ.)
  • Bitcomet (හොඳයි. වැඩ වැඩියි.)
  • Vuze (මේක නම් හොදයි කියල ගොඩක් අය කියනවා)
  • Bittorrent (Torrent වල ආරම්භකයා, ඒත් සමහරු කියනවා ආරක්‍ෂිත නෑ කියල)
 ඔය ටික ඇති වෙයිනෙ? කොහොමත් ඕනේ වෙන්නේ එකයි. හරි, මං කිව්වනේ හොද site ටිකකුත් දෙන්නම් කියල. ඔන්න එහෙනම් site ටිකක්.


  • ThePirateBay මේක නැත්නම් torrent නෑ වගේ තමයි.
  • kat (KickAssTorrent), මේකත් උඩ එක වගේම තමා
  • Isohunt තවත් සුපිරිම එකක්.
  • BTJunkie Soft වලට සුපර්
  • Demonoid ජනප්‍රිය බව අතින් ගොඩක් ඉහලයි.
  • Extratorrent මේකත් ගොඩක් දුරට හොදයි.
          තව ඕනේ තරම් තියෙනවා. ඒත් මේ ටික තමයි මම නම් හොදයි කියන්නේ. ඒ විතරක් නෙමේ. ඕනෑම torrent file එකක් search කරන්න හොද site එකක් තියෙනවා, site එකක් කිව්වට search engine එකක් වගේ තමා. හැබැයි ඔක්කොම torrent. මෙන්න ඒක. ඒකෙන් හොද torrents හොයාගන්න ලේසියි.

----------------------------------------------------------------------------------------------------------------------------------

මූලාශ්‍රය - මකර විජිතය.

කට්ටිය හිතන්න එපා දැන් කොප්පෙ ගහන්න පුරුදු වෙලා කියල. වටින ලිපියක් හින්ඳයි දාන්න හිතුනේ. කොහොම උනත් මේකෙ උඩ තියනවා Torrent Download වෙන වේගය වැඩි කරගන්න ක්‍රමයක්. ඒ ගැන තවත් දැනගන්න මෙතන ක්ලික් කරන්න.

ලිපිය ගැන අදහසක් ලියල Like පාරක් Share පාරක් එහෙම දීගෙනම යන්න. පුලුවන්නම් Google + Page එකටත් පොඩි සහයෝගයක් දෙන්න.












12 comments:

  1. නියමයි පසිදු.....

    ReplyDelete
  2. ටොර‍න්ට් ෆයිල් බාගන්න හොඳම ක්ලයන්ට් එක මොකක්ද

    ReplyDelete
  3. එල නොදන්න ගොඩක් දැනගත්තා... ස්තුතියි,,,,

    ReplyDelete
  4. Lahiru Mudith - ස්තූතියි මචන්.

    spider the DETECTIVE - මම නම් පාවිච්චි කරන්නේ BitTorrent. ඒත් හුඟක් කට්ටිය කියනවා µtorrent හොඳයි කියල.

    M T Jayarathne - OK මචන්. ආවට ස්තූතියි මචන්.

    Anonymous - Thanks dear....

    ReplyDelete
  5. Photoshop ගැන දන්නේ මොනවද? දන්නේ ටිකයිද ගොඩයිද? තව ඉගෙන ගන්න ආසයිද? එහෙනම් එකතු වෙන්න PS Lanka එක්ක දැනුම බෙදා හදා ගන්න. ගැටළු නිරාකරණය කර ගන්න වැඩ පෙන්නන්න. www.PSLanka.tk

    ReplyDelete
  6. කොහොමද අපි upload කරන්නේ torrent 1k විදියට..???

    ReplyDelete
  7. ලැසී - නියමයි නියමයි.

    Thusitha Sampath - Upload කරන්න බෑ. මන් හිතන්නේ අපි Torrent File එකක් හදලා ඒකට කට්ටිය ඇඩ් කරගන්න ඕනි

    ReplyDelete
  8. කොහොමද එක කරන්නේ කියල කියන්න දන්නවද??

    ReplyDelete
    Replies
    1. Torrent Client එකෙ බලහන් Create torrent වගේ එකක් නැද්ද කියල?

      Delete
  9. වටිනව මචෝ...දැනුම යාවත්කාල වුනා..

    ReplyDelete

ඔබගේ අදහස් මෙතන ලියලා යන්න.Word verification දමා නැත.