JustCrowd.net

Friday, January 11, 2013

බ්ලොග්කරණය දෙවෙනි වසරටත්.

     ඔන්න අදට පසිඳුගේ අඩවියට අවුරුද්දක් සපිරෙනවා. මට හරිම සතුටු දවසක්. මම හිතන විදිහට අද මගෙ බ්ලොග් එක යම් ස්ථානයක තියනවා. ඒකෙ සම්පූර්ණ ගෞරවය හිමිවෙන්න ඕන 2012.01.11 ඉඳන් මගෙ බ්ලොග් එකත් එක්ක රැඳී හිටපු බ්ලොග් පාඨකයන්ට. බොහොම ස්තූතියි...!!!


බ්ලොග් එකේ තත්වෙ ගැන සාරාංශයක් දුන්නොත් මේ වෙනකොට මම ලිපි 96 ලියල තියනවා. කොමෙන්ට් 454 පලවී තියන්වා. කොමෙන්ට් වලින් මගෙ ලිපි වල හොඳ නරක පෙන්නා දී මාව ධෛර්යමත් කල හැමෝටමත් ස්තූතියි. කොහොම උනත් මේ වෙනකොට බ්ලොග් එකේ Page Views 57062 තියනවා. 

මේ බ්ලොග් එක අද මෙතනට ගේන්න මට බොහෝ අය උදව් කරා. විශේෂයෙන් Geek.lk අඩවියේ මිතුරන්  මතක් කල යුතුයි. පසුගිය මාස වල බ්ලොග් එකේ ලිපි එතරම් පලවුනේ නෑ. එකට හේතුව O/L විභාගය. තවම ඉවර නෑ; මේ අවුරුද්දේ තමා විභාගෙට මුහුණ දෙන්නේ. මොනව කරන්නත් ඒක කරන්න එපයි, ඒක හින්ඳා මේ ටිකෙත් බ්ලොග් එකට ලිපි එච්චරම වැටෙන්නේ නැති වෙයි. ඒත් මම අත හරින්නේ නෑ. පුළුවන් හැම වෙලාවෙම ලිපි දානවා. ඒක හින්ඳා මගෙත් එක්ක දිගටම රැඳිල ඉන්න කියල මතක් කරනවා...


එහෙනම් මම නවතිනවා... මට කරන පොඩි උදව්වක් විදිහට (බ්ලොග් එකේ උපන්දිනේට ත්‍යාගයක් විදිහට ) මම පල්ලෙහ දීල තියන ලින්ක් එක ක්ලික් කරල ඒ දීල අදාල වෙබ් අඩවියට යන්නකෝ.... මම පූර්ණ වගකීම දරනවා මේක මුකුත් අවුල් දෙයක් නෙවෙයි කියල. මේකෙන් ඔයාල හරියට වැඩ ගත්තොත් ඔයාලටත් හෙන වාසි ඇතිවෙයි. ඔන්න එහෙනම්................


ඔබත් දැනුම සොයා යන්නෙක්ද??? රැඳී සිටින්න පසිඳුගේ අඩවිය සමග...




8 comments:

  1. ජය වේවා යාළු,, දෙවනි වසරට සුබ පැතුම්,, තව තවත් ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. !!

    ReplyDelete
  2. අදමයි ගොඩවුණේ සුභ පතනවා..
    අපේ පැත්තටත් විවෙකය ලැබුණ විට ගොඩවන්න

    ReplyDelete
  3. ශම්මි - යා යා.. බොහොම ස්තූතියි

    Hasitha - Thx යාළු

    මගේ දිනපොත.......... - බොහොම ස්තූතියි. අනිව ගොඩ වෙනවා

    සුදු මහත්තයා - බොහොම ස්තූතියි

    ReplyDelete
  4. උණුසුම් සුභ පැතුම්!තව තවත් දැනුමෙන් අවබොධය තුලින් අපිව දැනුවත් කිරීමට ශක්තිය ලැබේවා!

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
  5. සුබ පැතුම් දිගු ගමනකට...

    ReplyDelete

ඔබගේ අදහස් මෙතන ලියලා යන්න.Word verification දමා නැත.