JustCrowd.net

Friday, March 30, 2012

ඇඩෙන්නම හකුලමුද...?


        හැමෝටම සුභම සුභ දවසක්...! ඕන්න මම අදනම් ඉතින් සුපිරි බාණ්ඩයක් ගෙනාව.මේකනම් ඉතින් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුප්පම තමා. සුපිරි සොෆ්ට් කෑල්ලක්.මේකෙ නම තමා KGB Archiver.ආය නියමයි.



හැබැයි මේක ඉතින් ඔය දෙකයි පනහේ කොම් වල නම් වැඩ නෑ. සුපිරි මැෂින් එකක් ඕනි. අඩුම තරමේ Dual Core මදර්බෝඩ් එකක් වත් ඕනි. ඒකෙත් මන් හිතන්නෙ ස්ලෝ වෙයි. Core 2 Duo මැෂින් එකක් එහෙම තියනවනම් අන්න ඉතින් වැඩ තමා. ඊට වඩා අලුත් කොම් එකක් තියනවනම් වඩාත් හොඳයි. මේ සොෆ්ට් එකෙන් 1GB ෆයිල් එකක්
10MB වලට විතර හකුලන්න පුළුවනි. හැබැයි ඒ වගේ හකුලපු ෆයිල් එකක් Dual Core මැෂින් එකකින් Extract කරන්න ගියොත් ඉතින් පැය 5-6 ක් විතර යනව. මන් ඒකයි පොඩ්ඩක් හොඳ කොම් එකක් තිබුනොත් හොඳයි කියල කියුවේ. හරි ඔය මදැ විස්තරේ.... මෙන්න එහෙනම් ගිහින් බාගන්නකෝ.....

එහෙනම් අදට මම යනව තවත් අලුත් ලිපියකින් හමුවෙමු.හැබැයි ඔයාල යන්න කලින් මේ ලිපිය ගැන අදහසක් දාල,මගේ බ්ලොගයට Like පාරකුත් දීලම යන්න.මගේ බ්ලොගයට Like දෙන්නෙ මෙහෙමයි.ඔයාලට පේනව ඇති මගේ බ්ලොගයේ දකුණු පැත්තෙ තියනව Facebook කියල කොටසක් ඒක උඩට මවුස් පොයින්ටරය ගෙනියන්න.එතකොට එතනින කොටසක් එළියට විවෘත වෙයි.ඒකෙ තියෙන Like බට්න් එකට ක්ලික් එකක් දෙන්න.දැන් වැඩේ හරි.මම එහෙනම් යනවා ඔබට ජය ශ්‍රී...





5 comments:

  1. එළ එළ KGB කිව්වම් බය හිතුනා....

    ReplyDelete
  2. හි.. හි.. language pack එකේ කොයින්ද ඕයි සෙටප් ෆයිල්..?
    මෙන්න latest version එකේ ඩිරෙක්ට් ලින්ක් එක:

    http://sourceforge.net/projects/kgbarchiver/files/kgbarchiver/v1.2.1.24/kgb_arch_win_gui_v1.2.1.24.exe/download

    ReplyDelete
    Replies
    1. Thx මචන්. මේ ලින්ක් එක කලින් වැඩ කලා. පස්සේ Expire වෙලාද කොහෙද? බොහොම ස්තූතියි. හොය හොය හිටියේ...

      Delete

ඔබගේ අදහස් මෙතන ලියලා යන්න.Word verification දමා නැත.